කලක පටන් ලංකාවේ open source ප්‍රචලිත කිරීම සදහා විවිධ කණ්ඩායම් විශාල ප්‍රයත්නයක් දරයි. ඒත් එම ප්‍රයත්නය කෙතරම් සාර්ථක වීද? open source වලට පරිගණක පරිශිලකයන් එතරම් යොමු නොවීමට හේතු කිපයකි.එම හේතු අතරින් මම අද කථා කරන්නේ Microsoft සමාගමේ බලපෑම් ගැනය.
ලංකාව තුල open source ප්‍රචලිත කිරීම ඇරඹිය යුත්තේ පාසල් අධ්‍යාපනය තුලිනි. එම අරමුණින් උසස් පෙල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයට open source මෘදුකාංග ඇතුලත් කර ඇත. එය සතුටට කරුණකි. සාමාන්‍ය පෙල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය තවම Microsoft ආදිපත්‍ය යටතේ පවති. වර්තමානයේ පාසල් පරිගණක විද්‍යාගාර අලුතින් ස්ථාපිතකිරිමේදි Microsoft මෘදුකාංගද ස්ථාපිත කරයි. මේ සදහා විශාල පිරිවැයක් දැරිය යුතුවේ.ඒත් Microsoft වලින් ඉවත් නොවන්නේ ඇයි?
Microsoft සමාගම අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව විවිධ දීප ව්‍යාප්ත තරග වාර්ෂිකව සංවිධානය කරයි.එහිදි එම තරග සදහා භාවිතා කල යුතු වන්නේ Microsoft මෘදුකාංග පමණි. ෙමහිදි අධ්‍යාපන බළධාරින් අසරණය.මෙයින් පෙනි යන්නේ තුන්වන ලෝකයේ රටක් වන අප රට සුක්ෂම ලෙස අල්ලා ගැනීම නොවේද? නමුත් Microsoft සමාගමෙන් ඉගෙන ගත යුතු එක් දෙයක් ඇත. එනම් යම් දෙයක් තම නතු කර ගන්නේ නම් එහි මූල බිජය අල්ලා ගත යුතු බවයි. මෙසේ අනෙක් රටවල්ද Microsoft සමාගමේ බිල්ලක් බවට පත්ව ඇති බව නොඅනුමානය.
මේ අයුරින් අප යන්නේ Microsoft යුගයක් කරා නොවේද?


Microsoft මෘදුකාංග සඳහා ළමුන් විශාල පිරිවැයක් දැරිය යුතු නොවේ. මන්ද ලෝකයේ සෑම රටකටම අධ්‍යාපන කටයුතු සඳහා Microsoft මෘදුකාංග එම ආයතනය මගින් නොමිලයේ ලබාදේ. ඒ වගේම මට නම් Microsoft Windows වලින් කරගන්න තරම් පහසුවෙන් වැඩක් Linux වල කර ගත නොහැක.
ReplyDeleteමමත් Microsoft Software use කරන්නේ. මම ලඟඳී openoffice use කරලා බැලුවා. ඒත් ඒක Ms office වගේ user friendly නෑ මටනම්..
ReplyDelete"har" කියන එකට මමත් එකඟයි. අපේ universities එහෙම .edu mail එකක් එහෙම studentලාට දුන්නනම් Microsoft software වලින් සෑහෙන්න ගානක් අඩු කරගන්න පුලුවන්.