අද ආයුධ කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු අතර මුල් තැන ගෙන ඇත.තුවක්කු හා පිස්තෝල මේ අතර ප්‍රධානය.සෙල්ලම් කරත්ත, සුලං පෙති,ළමා කවි පොත් ළමුන්ගන් ඈත්වී ඇත.මෙයට හේතුව කුමක්ද ?
අද සෑම නිවසකම වාගේ රූපවාහිනි ඇත.නැතහාත් ළමුන් අසල්වැසි නිවෙස් වලට ගොස් රූපවාහිනි නරඹයි.දැන් රූපවාහිනි වල වැඩි වශයෙන් දැකිය හැක්කේ මත්පැන් සාද ,මංනකාල්ලකෑම්, මිනිමැරුම්, පැහැරගෙනයාම්ආදියයි.මීට අමතරව බොළද ප්‍රේම කතාය. තවද ළමුන් සදහාම විශේෂිත වු කාටුන් ඇත.මේවා සමහරක් තුලින්ද ලැබෙන්නේ අයහපත් ආදර්ශය.සමහර බටහිර රටවල තහනම් කල කාටුන් අපගේ රටේදි හඩ කවා ප්‍රදර්ශනය කරයි.ළමුන් මේවා නැරඹිමට ප්‍රිය කරයි.ළමුන් අනුකරණයට ඉතා දක්ෂයි.මේ නිසා පහරදීම,හිංසා පීඩා කිරීම සාමාන්‍ය සිද්ධින් බවට පත්වි හමාරය.
හිරිහැර හා අපරාධ කිරීම අද විලාසිතාවක් හා විනෝද අංගයක් බවට පත්ව තිබේ.එය සාමාන්‍ය ලක්ෂණයක් වී ඇත.සුපිරි පැලැන්තියේ දරුවන් මෙයට ඉතා ප්‍රිය කරයි.
මෙසේ දරුවන් හිංසාවට යොමු වුන හොත් පැහැදිලි අනාගතයක් ගැන කෙසේ සිතම්ද?

යහපත් දරු පරපුරක් උදෙසා නම් ළමයින් විද්‍යුත් මාධ්‍ය වලින් ඈත් කල යුතුමයි.අපි ඒ දේ අනිවාර්යයෙන්ම පමා නොවී කල යුතුමයි.
ReplyDelete