Wednesday, August 18, 2010

හිංසාව විනෝදයක් කර ගත් දරුවෝ

අද ආයුධ කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු අතර මුල් තැන ගෙන ඇත.තුවක්කු හා පිස්තෝල මේ අතර ප්‍රධානය.සෙල්ලම් කරත්ත, සුලං පෙති,ළමා කවි පොත් ළමුන්ගන් ඈත්වී ඇත.මෙයට හේතුව කුමක්ද ?


අද සෑම නිවසකම වාගේ රූපවාහිනි ඇත.නැතහාත් ළමුන් අසල්වැසි නිවෙස් වලට ගොස් රූපවාහිනි නරඹයි.දැන් රූපවාහිනි වල වැඩි වශයෙන් දැකිය හැක්කේ මත්පැන් සාද ,මංනකාල්ලකෑම්, මිනිමැරුම්, පැහැරගෙනයාම්ආදියයි.මීට අමතරව බොළද ප්‍රේම කතාය. තවද ළමුන් සදහාම විශේෂිත වු කාටුන් ඇත.මේවා සමහරක් තුලින්ද ලැබෙන්නේ අයහපත් ආදර්ශය.සමහර බටහිර රටවල තහනම් කල කාටුන් අපගේ රටේදි හඩ කවා ප්‍රදර්ශනය කරයි.ළමුන් මේවා නැරඹිමට ප්‍රිය කරයි.ළමුන් අනුකරණයට ඉතා දක්ෂයි.මේ නිසා පහරදීම,හිංසා පීඩා කිරීම සාමාන්‍ය සිද්ධින් බවට පත්වි හමාරය.

හිරිහැර හා අපරාධ කිරීම අද විලාසිතාවක් හා විනෝද අංගයක් බවට පත්ව තිබේ.එය සාමාන්‍ය ලක්ෂණයක් වී ඇත.සුපිරි පැලැන්තියේ දරුවන් මෙයට ඉතා ප්‍රිය කරයි.


මෙසේ දරුවන් හිංසාවට යොමු වුන හොත් පැහැදිලි අනාගතයක් ගැන කෙසේ සිතම්ද?

Monday, August 16, 2010

open sourceද? Microsoftද?

         කලක පටන් ලංකාවේ open source ප්‍රචලිත කිරීම සදහා විවිධ කණ්ඩායම් විශාල ප්‍රයත්නයක් දරයි. ඒත් එම ප්‍රයත්නය කෙතරම් සාර්ථක වීද? open source වලට පරිගණක පරිශිලකයන් එතරම් යොමු නොවීමට හේතු කිපයකි.එම හේතු අතරින් මම අද කථා කරන්නේ Microsoft සමාගමේ බලපෑම් ගැනය.

         ලංකාව තුල open source ප්‍රචලිත කිරීම ඇරඹිය යුත්තේ පාසල් අධ්‍යාපනය තුලිනි. එම අරමුණින් උසස් පෙල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයට open source මෘදුකාංග ඇතුලත් කර ඇත. එය සතුටට කරුණකි. සාමාන්‍ය පෙල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය තවම Microsoft ආදිපත්‍ය යටතේ පවති. වර්තමානයේ පාසල් පරිගණක විද්‍යාගාර අලුතින් ස්ථාපිතකිරිමේදි Microsoft මෘදුකාංගද ස්ථාපිත කරයි. මේ සදහා විශාල පිරිවැයක් දැරිය යුතුවේ.ඒත් Microsoft වලින් ඉවත් නොවන්නේ ඇයි?

           Microsoft සමාගම අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව විවිධ දීප ව්‍යාප්ත තරග වාර්ෂිකව සංවිධානය කරයි.එහිදි එම තරග සදහා භාවිතා කල යුතු වන්නේ Microsoft මෘදුකාංග පමණි. ෙමහිදි අධ්‍යාපන බළධාරින් අසරණය.මෙයින් පෙනි යන්නේ තුන්වන ලෝකයේ ර‍ටක් වන අප රට සුක්ෂම ලෙස අල්ලා ගැනීම නොවේද? නමුත් Microsoft සමාගමෙන් ඉගෙන ගත යුතු එක් දෙයක් ඇත. එනම් යම් දෙයක් තම නතු කර ගන්නේ නම් එහි මූල බිජය අල්ලා ගත යුතු බවයි. මෙසේ අනෙක් ර‍ටවල්ද Microsoft සමාගමේ බිල්ලක් බවට පත්ව ඇති බව නොඅනුමානය.

        මේ අයුරින් අප යන්නේ Microsoft යුගයක් කරා නොවේද?

Saturday, August 14, 2010

පරිගණකයේ සෙහොන් බිම


තාක්ෂණික ලෝකයේ පෙරට යාමත් සමග බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් නැතිවමබැරි උපකරණයක් බවට පත්වුයේ ඒ හරහා ඊ මේල්,අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම ආදිය සදහායි.සංවර්ධිත රටවලට සීමාවු මෙම උපකරණය සංවර්ධනය වන රටවලට ගෝලියකරණය නම් සංකල්පයට අනුවගලා එන්නට විය.අවසානයේ විශ්ව ගම්මානයක් නිර්මාණය විය.


සාමාන්‍යයෙන් පරිගණක වල ආයු කාලය ලෙස අවුරුදු 6-7 ලෙස විද්වතුන් දක්වති.ඉන්පසු පරිගණකවලින්
ක්‍රියාකාරි කාර්යයන් ඉටු කර ගත නොහැක.සංවර්ධිත රටවල භාවිතා කරන පරිගණකවල කාර්යක්ෂමතාව අඩු වන්නට වු විට ඉතා අඩු මිලට ලංකාව වැනි රටවලට එවති.ඒවා ද අවුරුදු දෙක තුනකට පසු ක්‍රියා විරහිත වේ.පරිගණක නිෂ්පාදනය කර තිබෙන්නේ නොදිරන ද්‍රව්‍ය වලිනි.

එසේ නම් පරිගණකවල කුණුගොඩ ලංකාව නොවේ ද?